- විස්තර
- ප්‍රවර්ගය: News
“දැය නංවන සපිරි ගමක්” - ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ උත්සව සභාව පෙරේදා දින(18 ) පෙරවරුවේ පියරපන්දෝව මස්නත්ත ගම්මානයේදී පැවැත්විණි.
“Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම එක් ගම්මානයක් බැගින් තෝරාගෙන, සමස්ත ප්‍රජාවම ඵලදායිතා සංකල්ප ඔස්සේ බලගැන්වීම අරමුණු කරයි. 2026 සිට 2028 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයින පුරා ආදර්ශ ගම්මාන 322ක් බිහි කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රායෝගිකව ගම සංවර්ධනය කරන ආකාරය පෙන්වා දිය යුතු අතර ගම්වැසියන්ගේ පාරම්පරික දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින් ගෘහස්ථ මට්ටමේ සිට සමස්ත ප්‍රජාවම ආර්ථික හා සමාජීය වශයෙන් ඉහළ නැංවීම අරමුණයි.
මෙම ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ප්‍රධාන සංරචක හයක් ඔස්සේ ක්‍රියාත්මක වේ:
* අධ්‍යාපනික සංවර්ධනය
* ආර්ථික සංවර්ධනය
* සෞඛ්‍ය හා සනීපාරක්ෂාව
* ගෘහස්ථ කළමනාකරණය
* සමාජ යහපැවැත්ම
* සංස්කෘතික සහ පාරිසරික සංරක්ෂණය
විශේෂයෙන්ම "ප්‍රජා කව" (Community Circles) හරහා ගමේ ගැටලුවලට ගමේම ජනතාවගේ දායකත්වයෙන් විසඳුම් සෙවීම සහ ඩිජිටල් හා හරිත ව්‍යවසායකයින් බිහිකිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි. පවුල්වල මූලික ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවය ලබා ගනිමින් සතුට සපිරි පිරිසිදු නිවසක් සහ දියුණු ගමක් බිහි කිරීම මෙහි අවසාන ප්‍රතිඵලයයි.
- විස්තර
- ප්‍රවර්ගය: News

- විස්තර
- ප්‍රවර්ගය: News





















