අපගේ දැක්ම

ප්‍රාදේශීය පරිපාලනයේ විශිෂ්ඨතම සේවය සපයන්නා බවට පත්වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.

 

 

 ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

ඇල්ල උප දිසාපති කාර්යාලය ප්‍රථමයෙන් පිහිටවූයේ ඇල්ල පස්සර පාරේ පිහිටා තිබූ වසා දමන ලද රටබීම හලකය. ඇල්ල උප දිසාපති කාර්යාලය විවෘත කරන ලද්දේ 1979 සැප්තැම්බර් මස 28 දිනදීය.එවකට මෙහි ආරම්භක කාර්ය මණ්ඩලය ලෙස ප්‍රධාන ලිපිකරු ඇතුළුව ලිපිකරුවන් 04 දෙනෙකු විය.ප්‍රථමයෙන් උප දිසාපති වරයෙකු නොවූ අතර බණ්ඩාරවෙල උප දිසාපති ඩබ්.ප්‍රේමදාස මහතා වැඩ බැලීමට පත්කොට තිබුණි.

  • එවකට මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් අටක් වූ අතර ඒවා හල්පෙ,නාවුල්ල,කුඔල්වෙල,ගවරවෙල,බල්ලකෙටුව,නාවෙලගම,කරඳගොල්ල,හා ඉලුක්පැලැස්ස ලෙස නම්කොට තිබුණි.
  • 1981 වසරේ මෙම කාර්යාලය ගම් සභා ගොඩනැගිල්ල වෙත ගෙන යන ලද අතර,එවිට ග්‍රාම නිලධාරි වසම් දහතුනක් විය.කාර්ය මණ්ඩලය පහක් වූ අතර,සුළු සේවකයින් තිදෙනෙක් විය.
  • 1989 වසර දක්වා එහි තිබූ කාර්යාලය එවකට තිබූ භීෂනය තුලින් නාදුනන පිරිසක් විසින් ගිනි තබා විනාශ කරන ලද බැවින්, ප්‍රාදේශීය ලේකම් නිල නිවාස ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදී.එවකට ප්‍රාදේශීය ලේකම් ධූරය දරන ලද්දේ ටී.බී දිසානායක මහතා විසින් වන අතර,සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙකු සහ පරිපාලන නිලධාරි වරයෙකු ද මෙම කාර්යාලය වෙත පත්කොට තිබුණි.
  • 1992 දක්වා නිල නිවාස ගොඩනැගිල්ලෙහි පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1992.03.07 දින විවෘත කරන ලද නව ගොඩනැගිල්ල වෙත ගෙන එන ලදී.

               එතැන් පටන් විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී           

සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්  

නම සිට දක්වා
ඩබ්ලිව්.ප්‍රේමදාස මයා 1979.09.28 1981.12.31
එස්.ඩී පතිරණ මයා 1982.01.01 1982.01.14
ටී.බී දිසානායක මයා 1982.01.15 1988.07.20
ඩබ්.එම් විජේසූරිය මයා 1988.07.21 1993.06.20
එල්.ජේ.එම් ප්‍රේමරත්න මයා 1993.06.21 1995.08.25
ඩබ්.ඩී.යූ.ටී නිශ්ශංක මයා 1995.08.26 1996.03.01
ඩබ්.එන්.ආර්.පී විජේපාල මයා 1996.03.02 1998.09.01
ඒ.එදිරිසිංහ මයා 1998.09.02 2001.07.17
ශ්‍රීයානි ධම්මිකා ජයසේකර මිය 2001.07.18 2005.04.20
ඩී.එම්.එල් බණ්ඩාරනායක මයා 2005.04.21 2010.12.31
ශ්‍රීයානි ධම්මිකා ජයසේකර මිය

2011.01.01

2012.10.08
ටී.පී අනුර හේමකුමාර මයා 2012.10.09 2012.12.31
සමන්ති රණසිංහ මිය 2013.01.01 2015.04.30
ටී.පී අනුර හේමකුමාර මයා (වැ.බ) 2015.05.01 2015.07.22
කේ.ඩී.ටී.එන් අබේවර්දන මෙය 2015.07.23 2017.09.24
පී.ජී.එන් ගුණරත්න මයා (වැ.බ) 2017.09.25 2017.11.08
කේ.ඒ.ජේ ප්‍රියංගිකා මිය 2017.11.09 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

Scroll To Top